හැඳ කිලිටි සරමක්
එළා බිම කඩමල්ලක්දුටිමි අඳ මිනිසෙක්
වයන'යුරු බටලීයක්
සියත ඔහු කර රඳමින
නැගෙන බටලී ස්වරය විඳිමින
තම හිමි පෙමින් රැකෙමින
හිඳී ළඟ හිතවතිය හිනැහෙන
යන එන්නන් රවා
යති ගැහැණියට ගරහා...
"බැරිද මේ ගෑණිට
කිසිවක් හම්බ කරනට
තනයි විකුණං කන්නට
ලෝකයේ හැටි අනේ ඇත්තට!"
නෙතින් අඳ මුත් නැත අඳ පෙමට
නමුදු බිහිරිය ඇසුණ රුදු වදනට
හදින් ඉපැයූ සිය ලබැඳි බිරියට
වයයි ප්‍රේමය නඟා ගී ස්වරයට...
෴