අහසම පාළුයි!
ඉහිරුණු පිච්ච මල් සඟවා
රුදු වළාකුළු පෙළක්
රවටයි පිපාසිත මහ පොළොව
කිසිම තෙතමනයක් නැතිව...
බලමි නෙතු යොමා අහසට
බලාපොරොත්තුව දිය බිඳක්
ඉරි තලා අසරණ ව
පීඩිත ඉඩෝරයට...
නැත වැහි පොදක ලකුණක්වත්
මොහොතකට හමා ආ
වියළි සුළඟින් නලියන
ගහ කොළවල සට පට හඬ මිසෙක...
යළිත්
සියල්ල නිහඬය...
සැර එළිය විහිදුවන
එහා ගෙදර ඇන්තිනාව නොවේ නම්
කළුවර එතරම් ම අවලස්සන නැත.
ඒත්...
...
..
.
"හඳ නැතුව මට පාළුයි අප්පච්චි!"
෴
