මවු තුරුලට පෙර
මා තුරුලෙහි සැනසුණු නුඹ
මා ඇකයෙහි නැළවුණු නුඹ
කර දඬු උස් ව
මිනිසෙකු වීමට මත්තෙන්
මා
නුඹ හමුවෙහි බිළිඳකු වීමි...
දකිමින් දිවා රෑ
බියෙන් ඇලළුණු නුඹේ නෙතු යුග
නො මියෙමින් මියැදෙමි
දහස් වරක්
කමා කළ මැන පුතුනි
මෙ හැම රළු පරළුකම්
හෙට දින විකසිත වන
සුපිපි සුවඳැති මලක් වෙනුවෙනි!
මා තුරුලෙහි සැනසුණු නුඹ
මා ඇකයෙහි නැළවුණු නුඹ
කර දඬු උස් වමිනිසෙකු වීමට මත්තෙන්
මා
නුඹ හමුවෙහි බිළිඳකු වීමි...
දකිමින් දිවා රෑ
බියෙන් ඇලළුණු නුඹේ නෙතු යුග
නො මියෙමින් මියැදෙමි
දහස් වරක්
කමා කළ මැන පුතුනි
මෙ හැම රළු පරළුකම්
හෙට දින විකසිත වන
සුපිපි සුවඳැති මලක් වෙනුවෙනි!
෴