
මං පුංචි කාලෙ
ලෙක්චර් කළා අපේ තාත්තා
විශ්ව විද්‍යාලෙ.
ගණං වලට මං දක්ෂය කියල
දෙනවා මට ඒ දවස් වල
ලකුණු එකතු කරන්න
උත්තර පත්තරවල
එදා ඉඳල මටත් ඕන වුණේ
ලෙක්චරර් වෙන්න
විශ්ව විද්‍යාලෙ
හැමදාම ලකුණු එකතු කර කර ඉන්න!
වලි කෑව නොසෑහෙන්න
විභාග පාස් කර ගන්න
තිබුණෙ නෑ ඉස්පාසුවක්
හිටවන්ට මල් පැලයක්
උයන්නට සම්බලක් බතක්
මහන්නට කොට්ට උරයක් තරම් වත්!
බී. ඇස්. සී
එම්. ඇස්. සී
පී. ඇච්. ඩී.
සේරම පාස් කරලා
මං ආව ඒ රොප්පෙ ඉඳලා
ලෙක්චරර් තාත්තගෙ ලෙක්චරර් දූ වෙලා...
ඒ එනකොට
තිබුණු හයි හත්තිය සේරම මට පොවාපු
අම්මටයි තාත්තටයි ඉතුරු වෙලා තිබුණෙ
කටුයි හමයි මමයි විතරයි!
ඒත් මම?
හැඟීමක් දැනීමක් විචාරයක් නැති
දෙමවුපියන්ටවත් සැනසීමක් නොවුණු
කෙළෙහිගුණයක් නැති
නිකන්ම නිකන්
ආත්මාර්ථකාමී
පී. ඇච්. ඩී. කාරයෙක්!!!
෴
No comments:
Post a Comment