ඉස්සර අපි නිවාඩුවට
ලොකු නැන්දගෙ චූටි පුතා
ඉඳ හිටලා අපේ ගෙදර
නැවතුණාම හරි සතුටුයි
වැඩ ඇරිලා ගෙට එනකන්
බලං ඉන්නෙ හැන්දෑවට
කිරි ටොපි, ඉඳි ටොපි, පොල් ටොපි
මල්ලක් ලැබෙනා හින්දයි
අවුරුදු ගාණකට පස්සෙ
චූටි අයියා ආව ආයෙ
ගෙනැවිත් තිබුණා එනකොට
ලොකු බිස්කට් පැකට් එකක්
ඉස්සර හිටියාට වඩා
චූටි අයියා පුංචි වෙලා
කොණ්ඩෙත් සේරම ගිහිං
අයියෙ මෙන්න රස බිස්කට්
කන්නකො මේ කේක් එහෙම...
කන්නට නම් බැහැ නංගියෙ
බොමුද නිකං කහට ටිකක්
සීනි ටිකක් වැඩී කියල
තහංචි නොවැ දැං පැණිරස!
ගිලිහී වැටුණා කඳුලක්
මතක් වෙලා පුංචි කාලෙ
බලා හිටපු හැටි පෙරමඟ
අයියා එක්ක කැවිලි මල්ල
කීයට නම් එයිද කියල...
෴

වයසට ගිහිල්ලත් අයියගෙ කෙසේ වෙතත් නංගිගෙ නං පෙරේත කම ගිහිල්ල නෑ වගේ
ReplyDeleteඒක නම් එහෙම තමයි. ඒත් මේ කවි වලින් එහෙම දෙයක් කියවෙනවද කියල තමයි තේරෙන්නෙ නැත්තෙ!
ReplyDelete