Pages

Wednesday, February 8, 2012

ආරාධනා..!



පොපියන්න ලා තණපත්
වියළි ඝන බොල් මහ පොළොව මත

ඉසලන්න පොද වැස්සක්
පූදින්න තතනන කැකුළු මත

පිසලන්න සෝ කඳුලක්
බලා පෙරමඟ වෙහෙසි නෙතු මත

ඔබ එන්න ගෙන පැතුමක්
වපුරන්න පෙම යදින හද මත!


No comments:

Post a Comment