Pages

Saturday, January 30, 2010

නො ලියූ කවිය

පිරුණු හඳ ලෝකෙ ම එළිය කරද්දි
නුඹෙ මතකය කෙනිත්තුවා මගෙ නෙතු අග
කඳුලු කැට වැළපුණා රූරා වැටෙන්නට
ඒත්
නැති නිසා නිදහසක් කඳුලකටවත් හිනැහෙන්නට
ලියන්න ගත්තා කවියක්
දුක තුනී වී යන්නට...

දහසක් වදන් ගලා ආවා ම සිතට
මිහිරි අතීතය...
සොඳුරු මතක...
කෙළි කවට සිනා...
සීතල මද නළ...
කණාමැදිරි...
...
..
.
වරුවක් පොරබැද්දා මං වදන් සමග
දුන්නේ නෑ මට ඉස්පාසුවක් ඔබේ මතකය
ගලපා ලියන්නට එක් පදයක් තරම් වත්!
...
...
...
මළ පාලුවක් දැණුනා මගෙ හිතට
...
...
...
නුඹ සිටියා නම් ළඟ
නගේ කියා අමතන්නට...!




- 2010 ජනවාරි -


Tuesday, January 26, 2010

Lament of a Spirit






It was my breath the last
And got wet from the tears they cast
Carrying the lovely memories of the past
I left them in a ship without the mast!



Death is the climax but the actor can't see
Everyone wept, "Oh, Don't leave me!"
My wish was to join them as anyone to be
But how could they know that I am the same 'he'?


At last I decided to go there again
And was controlled by my only friend 'the brain'
Floating and Jumping in a thundering heavy rain
I went to see if my wishes were in vain


I saw my wife sobbing aside
And recollected her beauty when she was a bride
I felt I'm dead when suddenly she cried
And thought that sound was spread worldwide!


I know you loved me so much my darling
But I had to part you oh my sweet darling
I came back to see you for the love of you darling
But you rejected me, Oh my dear Darling!













- 2001 -


අහිමි ප්‍රතිලාභ!

ප්‍රතිලාභ ලබන්නට ජීවිතයේ
අයදුම් කළෙමි ණයකට...

නම් වීය එය ආදරය!

හමුවූයෙන් කළමණාකරණ වැට කඩුලු
ප්‍රතිලාභ නො මැතිව ද
පොළී ගෙවන්නෙමි ජීවිතයෙන්

දිගු කාලීන නොව
සදාකාලික වූ ණයකට!

- 2002 -




දයාබර යෙහෙළියට...


හිනැහෙන්නට තුටින් - ආ යුතු ද වසත් සම?
ඔබ මගේ හදවතේ - රැඳේ නම් හැමදාම

දෙනෙත් නිදි හැර කුමට - බලන්නද ලොව ම දෙස
සිහිනයෙන් පැමිණ ඔබ - ලොව ම මා දෙනෙත් ඉම

පිපුණු මල් සුවඳයි ලු - මට දැනෙන්නේ නැති ලු
අපේ මිතු දම් සුවඳ - මල් හොරෙන් ගනීවි ලු

ගුණ නුවණ ඇති ළමෝ - සොමි ගුණැති සඳ වැනී
රුවැති යහපත් ළමෝ - සුපුන් පෝ සඳ වැනී

නුඹත් පෝදා සඳක් - ගුණ නුවණ රුව රැඳී
ලොව ම දිදුලන්නියක් - අඳුරු අහසේ රැඳී...

-2003-


සරදම



ජය ගන්න වෙර දරද්දී ජීවිතය
පා පැකිළුණු මොහොතේ
ම හට පෙම් බැඳි සරදම...

ජය ගතිමි ජීවිතය
ඔබේ ප්‍රේමයේ නාමයෙන්!

නමුදු ඒ ජය අභිමුවේ
කිම ද ඔබ මා හැර ගියේ...

නැවත මා සොයා එනු මැන
දයාබර සරදම!





-2001-



හිරු සඳු සහ මම


දිටියෙමි එක් දිනකදි මා සිටියදි වෙරළට වෙලා
නුඹ සිටියා සිතිජ ඉමේ නැග එන පුන් සඳ වෙලා
අසරණ වී සිටියෙමි ඔබ වැළඳගන්න බැරි වෙලා
කිම ඔබ මා තනි කර ගොස් සිතිජ ඉමේ නැවතිලා

පෙනේවි ඔබ සැමදා බොඳ වූ ඡායාවක් ලෙසින්
සිතිජ ඉමේ නැග එන දිදුලන පුරපස සඳ තුළින්
මා දිවියට එළිය දෙමින් පෙර දා නිලුපුල් නෙතින්
ඇයි කඳුලක් බිම හෙළුවේ හිරුගේ දිලි මිණි නෙතින්

ඔරුව නැගේ බාධක රළ පෙළ මැද ලොවටම හොරා
සිහි වේ අවසන් දිනය ද පිය නැගි පාසල කරා
මැවෙනා සඳ බොඳ වූ රුව සුනිල ගුවන් තල අරා
නොපෙනේ අඳුරෙහි ඔරුව ද මා හැර එන ඔබ කරා

ගවු ගණනක් දුර ගෙවුවත් ධීවර ගීතය ගයා
අඳුර මැදින් යන ගමනකි මුදු සඳ එළියම සොයා
මා සිහි වී ආපසු එයි සයුරෙහි ඉම වෙත නොයා
පැමිණෙන තුරු බලා හිඳිමි නිදි නැති නෙතු යුග අයා

මුදු ගුණ රැඳි සඳ නැති ලොව නොකරයි හිරු හුදෙකලා
නමුදු දනිමි සඳ වෙත ඇත ඇල්ම තවත් ලිය ලලා
හැකි වුවහොත් යම් දිනකදි එන්න සයුර පීනලා
හිරු සඳු හට මැදි වන්නෙමි දිදුලන තරුවක් වෙලා

-2003-