Pages

Wednesday, February 24, 2010

පරිණත ව...


තටු නැති කල
පහන් සිළ වෙත ගොස්
උණූසුමින් පීඩිත ව
එ මග අත්හරින කුහුඹුවා
තටු ලත් කල
'මා දැන් පරිණතය' යි උදම් ව
පහන් සිළ වෙත ඉගිල
දැවී
අළු වී
නසී!




No comments:

Post a Comment