Pages

Friday, February 26, 2010

සේයා


සීතල අඳුරු රැයෙක

සැඩ සුළං ගත පෙළද්දී
දැනේ ම කොපුල් මත
සිහින් සුසුමක උණුසුම...

දහසක් දනන් අතර
තනි වී හඬද්දී සොවින්
හඟිමි නො පෙනෙන සවියක්
කඳුළු පිස මා සනහන...


වෙහෙසුණත් දකිනු රිසියෙන් ඔබ රුව

වියළි දුහුවිල්ලත්,
සර සරින් සැලෙනා මළ පත් රැසත්,
ඝන සීත මීදුමත්
අවුරයි නෙතු මානය
හඬවමින් මා
බොඳ කර ලමින් ඔබ සේයා රුව
නාඳුනන ලොවක...
...
..
.
නැගෙමි යළිත් සවිමත් ව
එළඹෙන තුරු වසන්තය
හඟිනු රිසියෙන්
නුඹ සිනහව මා දිවිය පුබුදන'යුරු
නුඹ දෑත ම වෙත සවියක් වන'යුරු
ඒ ලෙන්ගතු සේයා රුව සැබෑවක් වන තුරු!




No comments:

Post a Comment