නැග එන සඳ මඬල ද ගිල ගනිත කළු වළාවෝ
දනන් තුටු සයුරේ ගිල්වන සයුරු තෙර අභියස
හුදෙකලා ව සිටියෙම්...
වැල්ලේ නැගෙන සහසක් පා සටහන්
මකා දමද්දී උමතු දළ රළ
රළ පෙළින් නොමැකුණු පා සටහන් වැලක
හිමිකරු දුටිමි.

පිය මැන ඔහු ම වෙතට
මඳ සිනහවක් පා
දිගු කළ සුරතෙහි වූයේ
දිගු කළ සුරතෙහි වූයේ
පුංචි බෙලි කටුවකි!
පුංචි බෙලි කටුවකි!!
මා දිවියට පණ පෙවූ
පුංචි බෙලි කටුවකි!!!
පුංචි බෙලි කටුවකි!!
මා දිවියට පණ පෙවූ
පුංචි බෙලි කටුවකි!!!
෴
No comments:
Post a Comment