ගියෙමි
මහා කවියකු වෙත.
ලැබ ගුරුහරුකම්
ඔප කරගනු වස් මගේ කවිකම්...
විඳිත ඔහු මා දුන් කවි සටහන්
විටෙක නඟමින් සියුම් මඳහසක්
විටෙක මවමින් බැරෑරුම් බවක්
අමතා කීය සිය බිරිඳට...
"මේ ලමයට බොන්න දෙයක් ගෙනාවනං..."
මහත් කුහුලක් ඇතිවිය ම සිතට
කෙතරම් රුවැත්තියක් විය යුතුද
ඇය...!
මෙවන් මහා කවියෙකුටත්
කව් රැසකිනුත් වනා නිම කළ නොහැකි වූ රුව...
...
ම හද යළි යළි සසල වූයේ
ඔහු අදහස් පතා නොව
...
..
.
අවසන ඕ පැමිණියාය.
කුදු වූ ගතින්
නහර මතු වූ දෑතින්
පිළිගැන්වූවාය මට ඈ
කෝපි කෝප්පයක්
හකු පෑදුණු මුවගට
මඳහසක් නඟමින්...!
මොහොතකට නැවතිණ
ම හද
...
ලද මත්තෙන් ඔහු පිළිවදන්
මම ම පසක් කරගතිමි
මා කවියකු නොවන බැව්!
෴
really nice....you have real talent. Keep up the good work!
ReplyDeletebtw, where do you get the pics for each of these posts?
Thank you for the compliments lasantha.
ReplyDeleteAbout images... Its something I try hard googling for various words until I get what satisfies me. This image is a painting by Pablo Picaso, named as 'Woman Seated'.
Pedehi manaram
ReplyDeleteRasehi bendunem
Sasala kara thath
Minis hadawath
Yali yalith pabadinna sakisanda
Asirimath wu
Numbe panhida...
I really enjoyed this Madhawie. Go ahead!
පෙදෙහි රසහව්
ReplyDeleteහැඟුණු නිකැලැල්
හදක පැතුමන්
කරයි සැමකල්
ම හද මනකල්!
Thank you so much Chami!