පතන්නී...
පුතේ, මේ නංගි බබා ඔයාගෙද?
ඔව්!
මට දෙන්න බැරිද?
නෑනෙ මට නංගි බබෙක්
බෑ!
නංගි බබාව මට දීල
ගේන්න කියන්න අම්මට
ඉස්පිරිතාලෙන්
අලුතෙන් මල්ලි බබෙක්
.........!!!
පවසන්නී පුතුට
පේර කැබැල්ලක්, අඹ ඉරුවක්, කොමඩු පෙත්තක්
විටින් විට ලෑටි ගාමින්
පතිනි මව් දෙවොල් දොරකඩ රැඳී සිටි
තවත් එක් ගැහැනියක්!
නොදන්නෙමි බැතිමතියකදැයි...
පතන්නීදැයි සැබවින්ම දරුවකු...
වෙයිදෝ පතිනියක කිසිවෙකුගේ!
නොලද්දී පුතුගේ පිළිවදන්
බලා ඔබ මොබ
උවමනාවට එපාවට
පිය නගන්නී දෙවොල තුලට...මම යනව කපු මහත්තය
හවස් වෙද්දී වහීද මන්ද!
෴








කර දඬු උස් ව









